චන්දිමාල්ට තරු විසි වූ ඩිල්ෂාන්ගේ සුපිරි යෝකර් පන්දුව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරනු ලබන SLC T20 League තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද(8) කොළඹ SSC ක්‍රීඩාගනයෙදී ආරම්භ වුණා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් SLC Blues කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට SLC Greys කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි SLC Greys කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ට සාර්ථක සබඳතාවයක නිරතවීමට් අවස්ථාවක් ලැබුනේ නැහැ.
ඉනිමේ පළමු පන්දුවාරයේ තුන්වන පන්දුවේදීම සුපිරි දෝලනයක් සහිතව යෝකර් පන්දුවකින් දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල බිඳ හෙලීමට ඩිල්ශාන් මධුසංඛ සමත්වුණා.
ඒ අනුව දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවී ගියා.
එම අවස්ථාව පහතින් නරඹන්න –
— cric sl (@cricslvideo) August 8, 2025