Ultimate magazine theme for WordPress.

කමිදුගෙන් තුන් ඉරියව් දක්ෂතා – අන්තිමට ගහපු කමිදුටත් දුක හිතුණ හයේ පහර මෙන්න

International League T20 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 11 වැනි තරගය සදහා ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් ක්‍රීඩා කළා.

මෙවර තරගාවලියේදී ඔහු ක්‍රීඩා කළ පළමු තරගය එය වූ අතර, එම තරගයේ වීරයා සම්මානය ද ඔහු විසින් හිමි කර ගැනීම කැපී පෙනුණා.

MI Emirates කණ්ඩායම නියෝජනය කරන කමිදු පන්දු යැවීමෙන් ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තේ පන්දුවාර 3 ක් යොමු කරමින්.

ඔහු සුපුරුදු පරිදි සිය අත් දෙකෙන්ම පන්දු යවමින් එම කඩුලු දවා ගැනීමට සමත් වීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ සිදුවීමක් බවට පත් වුණා. (දර්ශන පහතින්)

පිතිකරණයේදී කමිදු පන්දු 7 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 10 ක්.

එහිදී තරගය අවසන් කිරීමට ඔහු එල්ල කළ අලංකාර හයේ පහර ද බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා.

එම හයේ පහර හේතුවෙන් ලකුණු 49 ක් ලබා අනෙක් අන්තරේ පන්දුවට පහර දෙමින් සිටි ජොනී බෙයාර්ස්ටව්ට සිය අර්ධ ශතකය අහිමි වීම කැපී පෙනුණා. (දර්ශන පහතින්)