Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු T20 කණ්ඩායමේ වැඩබලන නායකයා නිවේදනය කෙරේ ; එක්දින සංචිතයටත් වෙනස්කම්

ඔස්ට්‍රේලියානු විස්සයි 20 කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස එළඹෙන පාකිස්තාන තරගාවලිය වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩක ජොෂ් ඉන්ග්ලිස් පත් කර තිබෙනවා.

නිත්‍ය නායක මිචෙල් මාෂ් මෙන්ම ට්‍රැවිස් හෙඩ් ද සංචිතයට ඇතුළත්ව නොමැති බැවිනුයි මෙලෙස නව වැඩබලන නායකයෙකු පත් කිරීමට සිදුව ඇත්තේ.

එමෙන්ම පාකිස්තානයට එරෙහිව පර්ත්හී දී පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින තරගයේදීද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඔහුට පවරා තිබෙනවා.

29 හැවිරිදි ජොෂ් ඉන්ග්ලිස් ඉතිහාසගත වීමට නියමිතව ඇත්තේ ඔස්ට්‍රේලියානු විස්සයි 20 කණ්ඩායමේ නායකයා බවට පත් වූ 14 වැනි ක්‍රීඩකයා ලෙසයි. එමෙන්ම එක්දින කණ්ඩායමේ 30 වැනි නායකයා ලෙස ද ඔහු ඉතිහාසගත වනු ඇති.

ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට සූදානම් වීම සදහා අවස්ථාව ලබා දීමේ අරමුණ ඇතිව තෙවැනි එක්දින තරගයෙන් නායක පැට් කමින්ස්, ස්ටීවන් ස්මිත්, ජොෂ් හේසල්වුඩ්, මිචෙල් ස්ටක් හා මර්නස් ලබුෂේන් යන ක්‍රීඩකයින් විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.

Xavier Bartlett, Spencer Johnson හා Josh Philippe අවසන් එක්දින තරගය වෙනුවෙන් සංචිතයට ආදේශ කර තිබෙනවා.

ජොෂ් හේසල්වුඩ් ප්‍රාන්ත තරගයක් ක්‍රීඩා කළ බැවින් පළමු එක්දින තරගය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට කැදවූ ලාන්ස් මොරිස් තවදුරටත් සංචිතයේ රැදී සිටිනු ඇති.

ඒ අනුව හේසල්වුඩ් දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය සදහා පමණක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 14 වැනිදා බ්‍රිස්බේන්හීදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Australia’s ODI squad vs Pakistan: Pat Cummins (c), Sean Abbott, Xavier Bartlett, Cooper Connolly, Jake Fraser-McGurk, Aaron Hardie, Josh Hazlewood, Josh Inglis, Spencer Johnson, Marnus Labuschagne, Glenn Maxwell, Lance Morris, Josh Philippe, Matthew Short, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Adam Zampa

Australia’s T20I squad vs Pakistan: Sean Abbott, Xavier Bartlett, Cooper Connolly, Tim David, Nathan Ellis, Jake Fraser-McGurk, Aaron Hardie, Josh Inglis (c), Spencer Johnson, Glenn Maxwell, Matthew Short, Marcus Stoinis, Adam Zampa