ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 181 කට සීමා වෙයි – බුම්රා රෝහල්ගත කෙරේ
සෑම් කොන්ස්ටස් හා ට්‍රැවිස් හෙඩ්ගේ(ලකුණු 4කට) කඩුලු දෙකම එකම පන්දුවාරයකදී දවා ගැනීමට සිරාජ් සමත් වීම ද කැපී පෙනුණා.

ඔස්ට්‍රේලියාව හා ඉන්දියා අතර සිඩ්නිහීදී පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(4).
අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබා සිටි අතර, ඔවුන්ට අද දිනයේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 181 ක් පමණයි.
ඒ, පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලබා ගත් ලකුණු 185 ට පිළිතුරු ලෙසයි. ඒ අනුව පළමු ඉනිමේදී ලකුණු 4ක් ඉදිරියෙන් පසුවෙමින් දෙවැනි ඉනිම ආරම්භ කිරීමට ඉන්දියාවට අවස්ථාව ලැබී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනූ Beau Webster. ඔහු ලකුණු 57 ක් ලබා ගත්තේ හතරේ පහර 5 ක් සමගින්. ස්ටීවන් ස්මිත් ලකුණු 33 කටත්, සෑම් කොන්ස්ටස් ලකුණු 23 කටත් දැවී ගියා.
ඉනිම අතරතුරදී ඉන්දීය වැඩබලන නායක ජස්ප්‍රිට් බුම්රා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය අතර, ඔහු වෛද්‍ය පරීක්ෂණ වෙනුවෙන් රෝහල්ගත කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් හා ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 3 බැගින් බිද හෙලුවා. බුම්රා හා නිටිෂ් කුමාර් කඩුලු 2 බැගින් දවා ගත්තා.
සෑම් කොන්ස්ටස් හා ට්‍රැවිස් හෙඩ්ගේ(ලකුණු 4කට) කඩුලු දෙකම එකම පන්දුවාරයකදී දවා ගැනීමට සිරාජ් සමත් වීම ද කැපී පෙනුණා.
දර්ශන පහතින් –
DSP Siraj on fire got Konstas and now Head 😭
We are so back 🇮🇳 #INDvsAUS #INDvsAUSTest— Groot (@Vk18Groot) January 4, 2025
— cric sl (@cricslvideo) January 4, 2025