ඔස්ට්‍රේලියානු නායිකාව WBBL තරගාවලියෙන් ඉවතට

වම් දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු නායිකා ඇලීසා හීලිට මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ අනුව WBBL තරගාවලිය අවසන් වීමෙන් දින 4 කට පසුව ආරම්භ වීමට නියමිත ඉන්දියාවට එරෙහි තරග 3 කින් යුත් එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඇයට අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඉන්දීය තරගාවලියෙන් පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.