ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ (LA28) නිල කාලසටහන LA28 සංවිධායකයින් විසින් පසුගියදා නිවේදනය කළා.
ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වීමට දින දෙකකට පෙර, එනම් 2028 වසරේ ජූලි 12 වන දින ක්‍රිකට් තරග ආරම්භ වන අතර, පදක්කම් තරග ජූලි 19 සහ ජූලි 29 යන දිනවල පැවැත්වීමට නියමිතයි.
ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල නිල වශයෙන් 2028 ජූලි 14 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත වුවද, ක්‍රිකට් සහ තවත් ක්‍රීඩා කිහිපයක් ඊට දින කිහිපයකට පෙර ආරම්භ වනවා.
කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු තරගාවලිය ජූලි 12 වැනිදා ආරම්භ වන අතර, එහි පදක්කම් තරග ජූලි 19 දින පැවැත්වීමට නියමිතයි. දෙවන තරගාවලිය ජූලි 22 වැනිදා ආරම්භ වනවා. එහි අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ජූලි 29 දායි. ඔලිම්පික් උළෙල අවසන් වන්නේ ඊට පසුදායි.
ක්‍රිකට් ක්‍රීඩාවේ තරගාවලි අනුපිළිවෙල LA28 සංවිධායකයින් විසින් මෙතෙක් නිවේදනය කර නැහැ. කෙසේ පිරිමි තරගාවලියන්ගෙන් පසු කාන්තා තරගාවලි පැවැත්වෙනු ඇතැයි අනුමාන කෙරෙනවා.
බොහෝ දිනවලදී තරග දෙක බැගින් පැවැත්වෙන අතර, තරග එරට වේලාවෙන් පෙරවරු 9:00 ට හා පස්වරු 6:30 ට ආරම්භ වීමට නියමිතයි.
පිරිමි සහ කාන්තා තරගාවලි දෙකෙහිම කණ්ඩායම් හය බැගින් සහභාගී වන බව LA28 තහවුරු කර තිබෙනවා.
තරග පැවැත්වෙන්නේ ලොස් ඇන්ජලීස් නගරයේ සිට කිලෝමීටර් 48 ක් පමණ දුරින් පිහිටි Pomona හි තාවකාලිකව ඉදිකෙරෙන Fairgrounds ක්‍රීඩාංගණයේදීයි.
මේ අතර, ජූලි 17 සිට 20 දක්වා සිංගප්පූරුවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුවේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා ක්‍රියාවලිය පිළිබඳව තීරණය කරනු ඇති.
බොහෝ දුරට, කණ්ඩායම් ICC ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව තීරණය වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. කෙසේ වෙතත්, සුදුසුකම් ලැබීමේ තරගාවලියක් හරහා කණ්ඩායම් තෝරා ගත හැකි බවට ද යෝජනාවක් ඉදිරිපත්ව ඇතත්, පවතින කාර්යබහුල ක්‍රිකට් කාලසටහන (FTP) සැලකිල්ලට ගත් විට, සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වීමේ යෝජනාව ICC විසින් සලකා බැලීමට ඉඩක් නොමැති බවටයි වාර්තා වන්නේ.
තවද ඇමෙරිකාව සත්කාරකත්වය දරන බැවින් තරගාවලියට ක්‍රීඩා කරන රටවල් හයෙන් එක් කණ්ඩායමක් බවට ඇමෙරිකාව පත් වීමට ද ඉඩ තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාව මෙලෙස ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා ඇතුළත් වන්නේ 1900 වසරෙන් පසුවයි.