ඔමර්සායි හා රෂීඩ් ඛාන් තරගාවලියේ ජය ඇෆ්ඝනිස්තානයට හිමි කර දෙයි
Match Report
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.
හරාරේහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 127 ක් පමණයි.
බ්‍රයන් බෙනට් ලකුණු 31 ක් හා වෙස්ලි මැදෙවේරේ ලකුණු 21 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණූ 27 කට කඩුලු 4 ක් දවා ගත්තා. අස්මතුල්ලාහ් ඔමර්සායි, මුජිබ් උර් රහ්මාන් හා නවීන් උල් හක් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ලෙස ඇෆ්ඝනිස්තානය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 19.3 ක් අවසානයේ කඩුලු 7ක් දැවි සිටියදීයි.
අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 34 ක් රැස් කළ අතර, මොහමඩ් නබී නොදැවී ලකුණු 24 යි. ගුල්බදීන් නයිබ් ලකුණු 22 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී බ්ලෙසින්ග් මුසරබානී, ට්‍රෙවර් ග්වන්දු හා සිකන්ඩ රාසා කඩුලු 2 බැගින් බිද හෙලුවා.