Ultimate magazine theme for WordPress.

එක්දින හා 20යි 20 තරග සදහා අයි.සී.සීය නව තරග කොන්දේසියක් පනවයි

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නව තරග කොන්දේසියක් ජාත්‍යන්තර තරග සදහා හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව පන්දුවාරයක් නිමා වී ඊළග පන්දුවාරය ආරම්භ කිරීමට ප්‍රමාද වුවහොත් දඩුවම් ලකුණු 5ක් පැනවීමේ ක්‍රමවේදයක් හදුන්වා දීමටයි අයි.සී.සීය අද(21) පියවර ගෙන ඇත්තේ.

එක් පන්දුවාරයක් නිමා වී ඊළග පන්දුවාරය යොමු කිරීම තත්ත්පර 60 ක කාලයක් තුළ දී ආරම්භ කිරීමට පන්දු යවන කණ්ඩායම සූදානමින් සිටිය යුතු බව අයි.සී.සීය පෙන්වා දෙනවා.

පන්දු යවන කණ්ඩායමට එක් ඉනිමක් තුළ දී තෙවරක් එය සිදු කිරීමට නොහැකි වුවහොත් පිතිකරණ කණ්ඩායමට ලකුණු පහක් පිරිනැමීමට කටයුතු කරනු ඇති.

පිරිමි එක්දින හා 20යි 20 තරග සදහා පමණක් මෙම නව තරග කොන්දේසිය පනවා තිබෙනවා.

එය එළඹෙන දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා පර්යේෂණාත්මක අයුරින් සිදු කිරීමට නියමිතයි.

අහ්මදාබාද් හී දී නිමා වූ අයි.සී.සී ප්‍රධාන විධායක රැස්වීමේ දී යි මෙම තීරණයට අනුමැතිය හිමිවී ඇත්තේ.

Leave a comment