IPL නිසා ඉන්දු-ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය අතරතුර විටෝරි කණ්ඩායම හැර යාමට සූදානමින්

පර්ත්හීදී පැවැත්වීමට නියමිත ඉන්දු – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී ඔස්ට්‍රේලියානු පන්දු යැවීමේ පුහුණුකරු ඩැනියල් විටෝරිට කණ්ඩායමෙන් ඉවත්ව සෞදි අරාබිය බලා පිටත්ව යාමට සිදුව තිබෙනවා.
ඒ, සෞදි අරාබියේ Jeddah හී දී නොවැම්බර් 24 හා 25 යන දිනවලදි පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් සහභාගී වීම සදහායි.
විටෝරි අයි.පී.එල් තරගාවලියේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.
නොවැම්බර් 22 වැනිදා පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පුහුණුකරුවන් හෝ විස්තර විචාරකයින් ලෙස එක්වන විටෝරි, රිකී පොන්ටින් හා ජස්ටින් ලැන්ගර් යන තිදෙනාම අයි.පී.එල් කණ්ඩායම්වල ද පුහුණුකරුවන් ලෙස කටයුතු කරනවා.
විටෝරි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ 2022 වසරේ සිටයි.