ඉන්දිය දෙවැනි ඉනිමේ පළමු ඕවරේදීම කඩුලු 2ක් පිට පිට දැවී ගිය හැටි

සංචාරක ඉන්දිය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර 4 වන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි.
මැන්චෙස්ටර්හී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියෙදී පැවැත්වෙන තරගයේදී එංගලන්තයට වඩා ලකුනු 311 ක් පසුපසින් තම දෙවන ඉනිම ආරම්භ කල ඉන්දිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් ලැබුනේ නැහැ.
ඉනිමේ පළමු පන්දුවාරයේදීම මුලු ලකුණු පුවරුව 0 ක් ව තිබියදී ඉන්දිය කණ්ඩායමේ කඩුලු 2 ක් පිට පිට පන්දු දෙකදී බිඳ දැමීමට ක්‍රිස් වෝක්ස් සමත්වුණා.
එහිදී පන්දු 4 කට මුහුණ දී සිටි යසස්වී ජයිස්වාල් ලකුණු 0 කටත්, සායි සුදර්ශන් තමන් මුහුණ දුන් පළමු පන්දුවේදීම ලකුණු නොලබාත් දැවීගියා.
— cric sl (@cricslvideo) July 26, 2025