Ultimate magazine theme for WordPress.

ඉන්දියාව පරදා බංග්ලාදේශය පිට පිට දෙවැනි වරටත් යොවුන් ආසියානු ශූරතාවය දිනයි

Match Report

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අද(8) සමත් වුණා. ඒ, ඩුබායිහි පැවැති අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදා ලකුණු 59 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

බංග්ලාදේශය ආසියානු යොවුන් කුසලානය දිනා ගත් දෙවැනි අවස්ථාව මෙයයි. පසුගියවර ආසියානු යොවුන් කුසලානය ද ජය ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 198 ක්.

Rizan Hossan ලකුණු 47 ක්, Mohammad Shihab James ලකුණු 40 ක් හා Farid Hasan ලකුණු 39 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Yudhajit Guha, Chetan Sharma හා Hardik Raj කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 35.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

Mohamed Amaan ලකුණු 26 ක්, KP Karthikeya ලකුණු 21 ක් හා C Andre Siddarth ලකුණු 20 ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේදී Iqbal Hossain Emon හා Azizul Hakim කඩුලු 3 බැගින් බිද හෙලුවා.