Ultimate magazine theme for WordPress.

ඉන්දියාව ජයග්‍රහණයට ලකුණු 135 ක් පිටුපසින්

ඉන්දියාව හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද නිමා වුණේ තරගයේ ජයග්‍රහණය පිළිබද වැඩි බලාපොරොත්තු ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවෙනි ඉනිමේදී ලකුණු 193 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 58 ක්.

ඒ අනුව ඔවුන් තරගය ජයගැනීම සඳහා තවත් ලකුණු 135 ක් ලබා ගත යුතුයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 387 ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ඉන්දියාවද රැස්කළ ලකුණු සංඛ්‍යාව 387 ක්.

එංගලන්ත දෙවෙනි ඉනිම අද දිනයේදී ලකුණු 192 කට සීමා වුණා.