Ultimate magazine theme for WordPress.

ඉන්දියාවට එරෙහිව 25 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කෙරේ

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලි සදහා ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇති බව වාර්තා වනවා.

Dailynews පුවත්පත වාර්තා කර ඇත්තේ එම සංචිතය සදහා මෙතෙක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව නොමැති බවයි.

වාර්තා වන ආකාරයට ඉන්දියාවට එරෙහි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර, උප නායකයා ලෙස නම් කර ඇත්තේ ධනංජය ද සිල්වායි.

ඉන්දු – ශ්‍රී ලංකා තරග 3කින් යුත් එක්දින තරගාවලිය ලබන 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Sri Lanka Squad (subjected to approval):

Dasun Shanaka (C), Dhananjaya de Silva (VC), Kusal Janith Perera, Avishka Fernando, Pathum Nissanka, Charith Asalanka, Wanindu Hasaranga, Ramesh Mendis, Chamika Karunaratne, Dhananjaya Lakshan, Ishan Jayaratne, Dushmantha Chameera, Isuru Udana, Asitha Fernando, Binura Fernando, Shiran Fernando, Lakshan Sandakan, Akila Dananjaya, Praveen Jayawickrama, Ashen Bandara, Lahiru Udara, Minod Bhanuka, Lahiru Kumara, Kasun Rajitha, Bhanuka Rajapaksa.

Leave a comment