ඇලෙක්ස් හේල්ස් දේශීය තරගාවලි දෙකක් මග හරයි

එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ඇලේක්ස් හේල්ස් 2025 T20 Blast හා Hundred ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීමෙන් ඉවත් වීමට සූදානමින් පසුවනවා.
ඒ, ඔහු විසින් නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ඇමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට හා කොදෙව් දූපත්හි කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ගිවිසුම්ගත වීමත් සමගයි.
36 හැවිරිදි හේල්ස් 2023 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් නමුත්, තවදුරටත් ඔහු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කරමින් සිටිනවා.
විස්සයි 20 තරග ඉතිහාසයේ දෙවැනි වැඩිම ලකුණුලාභියා බවට ද ඔහු මෙම මාසයේදී පත් වුණා.
ඇලේක්ස් හේල්ස් 2008 වසරේ සිට Nottinghamshire ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ නමුත්, 2025 අදියර වෙනුවෙන් ඔහු එම කණ්ඩායම සමග නව ගිවිසුමක් අත්සන් තබා නැහැ.