Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කර තිබෙනවා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විහස් තෙව්මිකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි. එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය හා නේපාලයයි.

එළඹෙන 29 වැනිදා තරගාවලිය ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය නේපාල යොවුන් කණ්ඩායම සමග එදිනම සාජාහීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

SL U19 Squad :

01. Pulindu Perera – Dharmaraja College, Kandy
02. Tanuja Rajapaksha – Thurstan College, Colombo 07
03. Dulnith Sigera – Mahanama College, Colombo 07
04. Sharujan Shanmuganathan (Vice Captain) – St. Benedicts College, Colombo 13
05. Kaveeja Gamage – Kingswood College, Kandy
06. Viran Chamuditha – St. Servatius College, Matara
07. Ramiru Perera – Royal College, Colombo 07
08. Lakvin Abeysinghe – Dharmaraja College, Kandy
09. Vimath Dinsara – Royal College, Colombo 047
10. Praveen Maneesha – Lumbini College, Colombo 05
11. Yenula Dewthusa – St. Joseph’s College, Colombo 10
12. Vihas Thewmika (Captain) – Thurstan College, Colombo
13. Geethika de Silva – St. Annes College, Kurunegala
14. K. Mathulan – St. Johns College, Jaffna
15. R. Newton – Jaffna Central College, Jaffna