ආසියානු කුසලානයට ශ්‍රී ලංකා A සංචිතය නම් කෙරේ

2024 නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 (පිරිමි) (ACC Men’s T20 Emerging Teams Asia Cup 2024) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(15) නිවේදනය කළා.
නුවනිදු ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
සංචිතය සදහා ලහිරු උදාර, ලසිත් කෘෘස්පුල්ලේ, සහන් ආරච්චිගේ, පවන් රත්නායක, රමේෂ් මෙන්ඩිස් හා දුෂාන් හේමන්ත වැනි ක්‍රීඩකයින් ද ඇතුළත්.
ඕමානයේ මස්කට් නුවර දී මෙම තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට එක් වන ශ්‍රී ලංකා A කණ්ඩායම අද(15) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
The squad
01. Lahiru Udara
02. Yashodha Lanka
03. Lasith Croospulle
04. Nuwanidu Fernando – Captain
05. Sahan Arachchige
06. Pavan Rathnayake
07. Ahan Wickramasinghe
08. Dinura Kalupahana
09. Kavindu Nadeeshan
10. Ramesh Mendis
11. Dushan Hemantha
12. Nimesh Vimukthi
13. Nipun Ransika
14. Isitha Wijesundara
15. Eshan Malinga