Ultimate magazine theme for WordPress.

ආබාධයක් නිසා ප්‍රබලයෙක්ට T20 ලෝක කුසලානය අහිමි වන ලකුණු

එංගලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේදී පන්දු යවමින් සිටියදී උරහිසක ආබාධයකට ලක් වූ ඒෂාන් මාලිංගට එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ආබාධය හේතුවෙන් ඔහු වෛද්‍ය පරීක්ෂණ සදහා මහනුවර සිට යළි කොළඹ බලා පිටත්ව යාමට නියමිතයි.

ඔහුගේ ආබාධය සුව වීම සදහා සති 4 ත් 6 ත් අතර කාලයක් ගත වනු ඇති.

මාලිංග වෙනුවට ප්‍රමෝද් මදුෂාන් හෝ ඩිල්ෂාන් මදුෂංක ලෝක කුසලාන සංචිතයට ආදේශ කිරීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලාන තරගාවලිය එළඹෙන 7 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.