අසිත ප්‍රනාන්දුට මාස දෙකක් සදහා එංගලන්තයෙන් ගිවිසුමක්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ Glamorgan ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
ඒ, ලබන වසරේ පැවැත්වෙන එරට ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය (County Championship) වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහායි.
එළඹෙන තරග වාරයේ පළමු මාස දෙක වෙනුවෙන් අසිත ගිවිසුම්ගත වී ඇති අතර, ඒ අනුව ඔහු මැයි මාසය අවසන් වන තුරු ප්‍රාන්ත තරග හතක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
27 හැවිරිදි අසිත ප්‍රනාන්දු මේ වන විට ටෙස්ට් තරග 21 කදී කඩුලු 72 ක් දවා ගෙන ඇති අතර, නිමා වූ එංගලන්ත තරග සංචාරයේදී වැඩිම කඩුලුලාභියා බවට ද පත් වුණා.
ඔහු මීට පෙර Nottinghamshire ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රාන්ත තරග ක්‍රීඩා කර තිබෙනවා.
අසිත ඉතිහාසගත වන්නේ Glamorgan කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසයි.