Ultimate magazine theme for WordPress.

හෙටට නියමිත වූ LPL ක්‍රීඩක වෙන්දේසිය යළි කල් දැමේ

හෙට(9) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player Draft) යළි කල් දමා ඇති බව වාර්තා වනවා.

ඒ, රට තුළ යළිත් ඇතිව තිබෙන නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන්.

රට තුළ පවතින තත්ත්වය නිසා තවත් සතියක කාලයකින් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු කල් දමන ලෙසට කණ්ඩායම් හිමිකරුවන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු  අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ලබන 16 වනදා සිදු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

ALSO READ : UPDATE : LPL ක්‍රීඩක වෙන්දේසිය 19 වැනිදා තෙක් කල් දැමේ

මීට පෙර ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු පසුගිය පළමු වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ නමුත්, පසුව එය හෙට දින දක්වා කල් දැමුණා.

එල්.පී.එල් තරගාවලිය ද නොවැම්බර් 14 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද , එය ද නොවැම්බර් 21 වනදා දක්වා කල් දැමීමටයි තීරණය කෙරුණේ.

තරගාවලිය සදහා කණ්ඩායම් පහක් එක් වන අතර, එම සියලු කණ්ඩායම් මේ වන විට අලෙවි වී අවසන් බවත්, ඊට අදාළ කටයුතු ද අවසන් අදියරේ පවතින බවත් සදහන්.

තරග වදින කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

Leave a comment