Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා සංචාරය ඉන්දීය ක්‍රීඩකයින් 24 දෙනෙකුට අහිමි වෙයි – ක්‍රීඩක ලැයිස්තුව මෙන්න

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයක් සදහා පැමිණෙන බවට එරට ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි ප්‍රකාශ කළේ යැයි අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා. ALSO READ : ශ්‍රී ලංකාව තරග වදින ඉතිහාසයේ දීර්ඝතම T 20 තරගාවලිය ඉන්දියාවට එරෙහිව

එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 5ක් එහිදී දෙරට අතර පැවැත්වෙන බවයි ගංගුලි සදහන් කර සිටියේ.

අයි.සී.සී ඉදිරි තරග කාලසටහන (FTP) අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ 20යි 20 තරග 3ක්.

පසුගිය වසරේ ජූනි මාසයේ දී දෙරට අතර එක්දින සහ 20යි 20 තරග 3 බැගින් පැවැත්වීමට තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය අවලංගු කෙරුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත 20යි 20 තරග 5 සහ එක්දින තරග 3 ජූලි මාසයේ දී පැවැත්වෙන්නේනම් ඒ සදහා වන ඉන්දීය සංචිතයට ටෙස්ට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් රැසක් එක් නොවනු ඇති.

ඊට හේතු වී ඇත්තේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර ජූනි 18 වනදා සිට 22 වනදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබීම සහ අනතුරුව අගෝස්තු මාසයේ දී ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබීමයි.

එම එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දීය කණ්ඩායම ලබන දෙවනදා එංගලන්තය බලා පිටව යන අතර, ඒ සදහා වන ඉන්දීය සංචිතය ද පසුගියදා නම් කෙරුණා.

ඊට ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ අතිරේක ක්‍රීඩකයින් 4 දෙනෙකු ඇතුළත්.

ඒ අනුව ඔවුන් ජූලි මාසයේ දී එංගලන්තයේ රැදී සිටිමින් සංචිතයේම ක්‍රීඩකයින් අතර පුහුණු තරග සදහා ද එක් වනු ඇති.

එසේ වුවහොත් එම ක්‍රීඩකයින් 24 දෙනාගෙන් කිසිවෙකුටත් ශ්‍රී ලංකා සංචාරය සදහා එක් වීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ. (එම ක්‍රීඩක සංචිතය පහතින්)

එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ පවතින නිරෝධායන නීති ඊට බෙහෙවින් බලපා තිබෙනවා.

එබැවින් ශ්‍රී ලංකා තරගාවලිය සදහා සීමිත පන්දුවාර තරග සදහාම විශේෂිත වූ ඉන්දීය ක්‍රීඩකයින් පමණක් එක් වනු ඇති බවයි සෞරව් ගංගුලි ද සදහන් කර සිටියේ.

එංගලන්ත තරග සංචාරය සදහා වන ඉන්දීය සංචිතය – (ශ්‍රී ලංකා සංචාරයට එක් නොවනු ඇති බවට විශ්වාස කළ හැකි ක්‍රීඩකයින්)

Rohit Sharma, Shubman Gill, Mayank Agarwal, Cheteshwar Pujara, Virat Kohli (C), Ajinkya Rahane (vc), Hanuma Vihari, Rishabh Pant (wk), R. Ashwin, Ravindra Jadeja, Axar Patel, Washington Sundar, Jasprit Bumrah, Ishant Sharma, Mohd. Shami, Md. Siraj, Shardul Thakur, Umesh Yadav, KL Rahul, Wriddhiman Saha (wk)

Standby players:

Abhimanyu Easwaran, Prasidh Krishna, Avesh Khan, Arzan Nagwaswalla

 

Leave a comment