Ultimate magazine theme for WordPress.

වසරේ ICC එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්

2021 වසරට අදාළ අයි.සී.සී වසරේ ජාත්‍යන්තර එක්දින කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(20) නිවේදනය කළා.

රටවල් කිහිපයක ක්‍රීඩකයින් 11 දෙනෙකු ඇතුළත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස ද නම් කර ඇත්තේ පාකිස්තානයේ බබාර් අසාම්.

එම කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

එනම්, දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.

පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු, දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් දෙදෙනෙකු, අයර්ලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු හා බංග්ලාදේශ ක්‍රීඩකයින් තිදෙනෙකු ද මෙම කණ්ඩායමට නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු, එංගලන්ත, නවසීලන්ත හා ඉන්දීය ක්‍රීඩකයින් කිසිවෙකුත් මෙම කණ්ඩායමට නම් කර නොතිබීම විශේෂත්වයක්.

ICC Men’s ODI Team of the Year –

  1. Paul Stirling (Ireland)
  2. Janneman Malan (South Africa)
  3. Babar Azam (c) (Pakistan)
  4. Fakhar Zaman (Pakistan)
  5. Rassie van der Dussen (South Africa)
  6. Shakib Al Hasan (Bangladesh)
  7. Mushfiqur Rahim (wk) (Bangladesh)
  8. Wanindu Hasaranga (Sri Lanka)
  9. Mustafizur Rahman (Bangladesh)
  10. Simi Singh (Ireland)
  11. Dushmantha Chameera (Sri Lanka)

Also Read : වසරේ ICC T 20 කණ්ඩායම නිවේදනය කෙරේ 

Leave a comment