Ultimate magazine theme for WordPress.

රිය අනතුරකට මුහුණ දුන් ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරු මියයයි

පසුගියදා රිය අනතුරකට මුහුණ දුන් ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරුවෙකු වන නජිබුල්ලාහ් ටරකායි (Najeebullah Tarakai) මිය ගොස් තිබෙනවා.

29 හැවිරිදි ඔහු එරට රෝහලක දැඩි සත්කාරක ඒකකයේ අසාධ්‍ය තතත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මාර්ගය හරහා ගමන් කිරීමේ දී ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් ඔහු මෙම අනතුරට මුහුණ දුන්නා.

නජිබුල්ලාහ් ටරකායි ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් එක්දින තරගයකට සහ 20යි 20 ජාත්‍යන්තර තරග 12කට ක්‍රීඩා කර තිබුණා.

Leave a comment