මුරලිදරන් දින 6ක් නිරෝධායනයට

වෛද්‍ය ප්‍රතිකාර සදහා චෙන්නායිහි ඇපොලෝ රෝහලට ඇතුළත් කෙරුණු ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව ඔහුට ගැටලුවකින් තොරව සිය සාමාන්‍ය කටයුතු සිදු කර ගැනීමේ හැකියාව පවතින බවයි එම රෝහල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
49 හැවිරිදි මුරලිදරන් මේ වන විට ඉන්දියාවේ රැදී සිටින්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බැවින්.
කෙසේ වෙතත්, යළි එම කණ්ඩායම සමග එක්වීමට පෙර ඔහුට දින 6ක කාලයක් නිරෝධායනයට ද ලක්වීමට සිදු වනු ඇති.