Ultimate magazine theme for WordPress.

පළමු ටෙස්ට් තරගයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ – ශොරිෆුල්ටත් කැදවීමක්

ශ්‍රී ලංකාව සමග හෙට(21) ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය අද(20) ප්‍රකාශයට පත් කෙරුණා.

මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ඊට වමත් වේග පන්දු යවන ක්‍රීඩක ශොරිෆුල් ඉස්ලාම් ද නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් මීට පෙර නම් කෙරුණා.

එම සංචිතයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකු හෙට ආරම්භ වන පළමු තරගය සදහා මෙලෙස නම් කර ඇති අතර, පළමු තරගයට නම් නොකළ සෙසු ක්‍රීඩකයින් 6 දෙනා තවදුරටත් මෙරට රැදී සිටිනු ඇති.

මේ අතර, පළමු තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමට වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ඉතා තීරණාත්මක වනු ඇති බවයි බංග්ලදේශ කණ්ඩායමේ නායක මොමිනුල් හක් සදහන් කර සිටියේ.

ඒ අනුව පළමු තරගය සදහා බංග්ලාදේශ කණ්ඩායම වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

බංග්ලාදේශ කණ්ඩායම අද දිනයේ දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම්වල ද නිරත වූ අතර, ඔවුන් පසුගිය 12 වනදා මෙරටට පැමිණීමෙන් පසුව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම් සිදු කළ පළමු දිනය ද අදයි.

BANGLADESH SQUAD FOR FIRST TEST :

Mominul Haque (Captain), Liton Kumar Das, Md Mithun, Mushfiqur Rahim, Tamim Iqbal Khan, Shadman Islam, Abu Jayed Chowdhury Rahi, Taijul Islam, Najmul Hossain Shanto, Mehidy Hassan Miraz, Taskin Ahmed, Ebadot Hossain Chowdhury, Mohammed Saif Hassan, Yasir Ali Chowdhury, Shoriful Islam.

Leave a comment