Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ මූලික සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ මූලික සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත්.

සංචිතයට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ෂොරිෆුල් ඉස්ලාම්, මුකිදුල් ඉස්ලාම්, ශොහිදුල් ඉස්ලාම් සහ යසීර් අලී නම් කර තිබෙනවා.

අවසන් සංචිතය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරනු ඇති.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 21 වනදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Bangladesh Test squad: Mominul Haque (c), Liton Kumar Das, Mohammad Mithun, Mushfiqur Rahim, Tamim Iqbal Khan, Shadman Islam, Abu Jayed Chowdhury Rahi, Taijul Islam, Najmul Hossain Shanto, Mehidy Hassan Miraz, Nayeem Hasan, Taskin Ahmed, Ebadot Hossain Chowdhury, Mohammad Saif Hasan, Yasir Ali Chowdhury, Shoriful Islam, Syed Khaled Ahmed, Mukidul Islam Mugdho, Shuvagata Hom Chowdhury, Shahidul Islam, Quazi Nurul Hasan Sohan.

Leave a comment