Ultimate magazine theme for WordPress.

නික්ගේ ධූරය ස්ථීර වෙයි

Nick Hockley ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස ස්ථීර වශයෙන් පත් කර තිබෙනවා.

ඒ, ඔහු තාවකාලිකව එම ධූරය වසරකට ආසන්න කාලයක් දැරීමෙන් පසුවයි.

Nick Hockley තාවකාලික ප්‍රධාන විධායක නිළධාරී ධූරයට පසුගිය ජූනි මාසයේ දී පත් කරනු ලැබුවේ එතෙක් ප්‍රධාන විධායක නිළධාරී ධූරයේ කටයුතු කළ Kevin Roberts ධූරයෙන් නෙරපීමට තීරණය කිරීම හේතුවෙන්.

කොරෝනා වංසගත තත්ත්වයත් සමග ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ හිටපු ප්‍රධාන විධායක නිළධාරීවරයා වූ කෙවින් රොබර්ට්ස්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පාර්ශව රැසක දැඩි විවේචන එල්ල වී තිබුණා.

සේවකයින් පිළිබද ගත් දැඩි තීන්දු තීරණ ඊට හේතු වූ බව සදහන්.

Leave a comment