තරග පාවාදීමේ සාක්ෂි අයි.සී.සීයට දෙන්නැයි සංගා හිටපු ක්‍රීඩා ඇමතිට කියයි

2011 ලෝක කුසලානය ඉන්දියාවට මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට එවකට කණ්ඩායමේ නායකයා වූ කුමාර් සංගක්කාර ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
ඔහු එහිදී පෙන්වා දුන්නේ එල්ල කරන චෝදනාවට අදාළ සාක්ෂි හිටපු ක්‍රීඩා අමාත්‍යරවයා විසින් වහාම ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත ලබා දිය යුතු බවයි.
ඒ ඔස්සේ මේ පිළිබද පරීක්ෂණයක් සිදු කළ හැකි බව සංගක්කාරගේ අදහසයි.
මීට පෙර හිටපු නායක මහේල ජයවර්ධන ද අදාළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් සදහන් කළේ එල්ල කරන චෝදනාවට අදාළ සාක්ෂි සහ පාවා දීමට සම්බන්ධ වූ බව කියන අයගේ නම් අණාවරණය කරන ලෙසයි.
He needs to take his “evidence” to the ICC and the Anti corruption and Security Unit so the claims can be investigated throughly https://t.co/51w2J5Jtpc
— Kumar Sangakkara (@KumarSanga2) June 18, 2020