Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානය පාවා දීමේ චෝදනාවට මහේලගෙන් ක්ෂණික ප්‍රතිචාර

2011 ලෝක කුසලානය ඉන්දියාවට මුදලට පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට එවකට කණ්ඩායමේ සිටි ප්‍රබල ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ඔහු එහිදී පෙන්වා දීමට උත්සාහ දරා ඇත්තේ මැතිවරණ සමයේ පටු වාසි තකා මෙවැනි ප්‍රකාශ සිදු කරන බවටයි.

එබැවින් එල්ල කරන චෝදනාවට අදාළ සාක්ෂි සහ පාවා දීමට සම්බන්ධ වූ බව කියන අයගේ නම් අණාවරණය කරන ලෙස මහේල සිය ට්විටර් සටහන ඔස්සේ සදහන් කර තිබෙනවා.

Leave a comment