Ultimate magazine theme for WordPress.

කොළඹ කණ්ඩායමට ඇන්ඩ්‍රි රසල් ප්‍රමුඛ විදෙස් ක්‍රීඩකයන් 7 ක්

එළඹෙන 26 වනදා ආරම්භ වන My 11 Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

තරගාවලියට සහාභාගී වන විදෙස් ක්‍රීඩකයින් ද දිවයිනට පැමිණ නිරෝධායන කටයුතු ආරම්භ කරමින් සිටින බව දක්නට ලැබෙනවා.

තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් ගණන පහක් වන අතර එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි සියලු කණ්ඩායම් සදහා විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එක් සංචිතයකට අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනෙකු ද සමග ක්‍රීඩකයින් 20 දෙනෙකු තෝරා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකරුවන්ට හිමි වුණා.

ඉන් ප්‍රධාන ක්‍රීඩකයින් 16 දෙනා අතරට දේශීය ක්‍රීඩකයින් 10 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතු බවයි සංවිධායකයින් නිවේදනය කර තිබුණේ.

ඇතැම් කණ්ඩායම්වල විදෙස් ක්‍රීඩකයන් ගණන තවමත් සම්පූර්ණ වී නොතිබුණ ද Colombo Kings කණ්ඩායම වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන් 7 දෙනෙකු නම් කර ඇති බවට වාර්තා පල වනවා.

ඊට අමතරව ධම්මික ප්‍රසාද් ද ඇතුළුව දේශීය ක්‍රීඩකයින් 15 දෙනෙකු ද කොළඹ සංචිතයට මේ වන විට ඇතුළත්ව සිටිනවා.

ඒ අනුව Colombo Kings සංචිතයට ඇතුළත් සියලු ක්‍රීඩකයින් සංඛ්‍යාව 22ක් බවටයි වාර්තා වන්නේ.

Colombo Kings සංචිතයට ඇතුළත්ව ඇති බවට වාර්තා වන විදෙස් ක්‍රීඩකයන් –

Andre Russell (WI), Manpreet Gony(IND), Ravindrapal Sing (CAN), Qais Ahmad (AFG), Laurie Evans (ENG), Daniel Bell Drummond (ENG), Karim Khan Sadeq (AFG)

දේශීය ක්‍රීඩකයින් –

Angelo Mathews (C), Isuru Udana, Dinesh Chandimal, Amila Aponso, Dushmantha Chameera, Dhammika Prasad, Ashan Priyanjan, Jeffrey Vandersay, Thikshila de Silva, Tharindu Kaushal.
Lahiru Udara, Himesh Ramanayake, Kalana Perera, Tharindu Rathnayaka, Navod Paranavithana

ALSO READ : LPL තරගාවලියට ආ විදෙස් ක්‍රීඩකයෙකුට කොරෝනා

Leave a comment