Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියට ආ විදෙස් ක්‍රීඩකයෙකුට කොරෝනා

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම වෙනුවෙන් පැමිණි Colombo Kings කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයෙකු වන කැනඩාවේ රවීන්දර්පාල් සිංට ( Ravinderpal Singh) නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා පල වෙනවා.

ඒ, සෙසු ක්‍රීඩකයින් මෙන්ම ඔහු ද ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී මුහුණ දුන් PCR පරීක්ෂණයෙන් අනතුරුවයි.

මේ වන විට ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇති අතර, ඔහු සමඟ එකම ගුවන් යානයේ පැමිණි කිහිප දෙනෙකු ද නිරෝධායනයට ලක් කර ඇති බව ද සදහන්.

ඔවුන් අතර Colombo Kings කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් ද සිටින බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායකයින් මෙය නිල වශයෙන් මෙතෙක් තහවුරු කර නැහැ.

Leave a comment