Ultimate magazine theme for WordPress.

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා නවක ක්‍රිකට් ක්‍රීඩක ජනිත් ලියනගේට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ, ඔහු එළඹෙන සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට තෝරා ගැනීමට නියමිතව තිබූ පසුබිමකයි.

ඒ අනුව ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇති.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ජනිත් ලියනගේ ඉහළ දක්ෂතා දැක් වීමට සමත් වූ පසුබිමකයි ඔහුට සිම්බාබ්වේ තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා අවස්ථාවක් හිමි වීමට නියමිතව තිබුණේ.

මීට පෙර කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට ද සිම්බාබ්වේ තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

තරග 3කින් යුත් ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 16 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment