Ultimate magazine theme for WordPress.

කොවිඩ් නිසා ප්‍රවේගකාමී ආරම්භක පිතිකරුට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

එළඹෙන සිම්බාබ්වේ එක්දින තරගාවලිය වෙනුවෙන් වන ජෛව ආරක්ෂිත බුබුලට ඇතුළු වීමට පෙර සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඒ බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුට එළඹෙන 16 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ද මෙම තරගාවලිය අහිමි වී ඇත්තේ ආබාධයකට ලක් වීම හේතුවෙන්.

අවිශ්ක ප්‍රනාන්දුට එක්දින තරගාවලිය අහිමි වන බැවින් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයට කැදවීමට ඉඩ ඇති බවයි newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ වසරක ජාත්‍යන්තර තරග තහනම ඊයේ ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

Leave a comment