Ultimate magazine theme for WordPress.

“අයි.සී.සීය මට කතා කරා – මම දැනුත් ඔවුන්ට තොරතුරු දෙනවා ” – මහින්දානන්ද

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පවා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා විසින් සිදු කල පැමිණිල්ල අනුව සිදු කල විමර්ෂණ කටයුතු ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් නතර කල බවට පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව හිටපු ක්‍රිඩා අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ, අද(3) පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකට එක්වෙමින්.

“මේ සම්බන්ධයෙන් ක්‍රිඩකයන් සම්බන්ධ නැ කියලා මම පැහැදිලිව කිව්වා. මම දන්නේ නැ පොලිස් ඒකකය කුමාර සංගක්කාරවත් , මහේල ජයවර්ධනවත් කැද වූයේ කුමන පදනමකින්ද කියලා. ක්‍රිඩකයන් සම්බන්ධ නැ කියද්දි ක්‍රිඩකයන් කැදෙව්වේ කුමන පදනමකින්ද කියලා මම දන්නේ නැ.”

යනුවෙන් හිටපු අමාත්‍යවරයා සදහන් කළා.

“මේ වෙනකොට පොලිසිය තොරතුරු ලබාගෙන තියෙන්නේ තේරිම් කම්ටුවේ සභාපතිවරයාගෙන් විතරයි. එවකට ක්‍රිකට් පාලනයේ හිටපු ලේකම්ගෙන් කට උත්තර ලබා ගත්තද? සභාපතිගෙන් ගත්තද? විධායක නිලධාරින්ගෙන් ගත්තද? ඒ තරගාවලියට සම්බන්ධ කිසිවෙකුගෙන් කට උත්තර ලබාගෙන නැ. මම පැහැදිලිව සදහන් කරා තොරතුරු ගන්න ඕනි අය කවුරුන්ද කියලා. එක්කෙනෙක්ගෙන් කට උත්තර අරගෙන පරික්ෂණය වහන්න පුළුවන්ද?”

“මේ විදිහටම තමයි පොලිසිය පහුගිය කාලයෙත් කටයුතු සිදු කලේ. මෙතනදි වෙලා තියෙන්නේ පොලිසිය පරික්ෂණ කරලා තියෙන්නේ වැරදි විදිහට. මේ පනතට අනුව පොලිස් විමර්ෂණ ඒකකයට පරික්ෂණ කරන්න බැ. මේකේ බරපතල කම නිසා මම කට උත්තරයක් දුන්නා. මේක විමර්ෂණය කල යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින්. මම ජනාධිපතිවරයාට කිව්වා පොලිස් ප්‍රකාශකයා විසින් අසාධාරණ ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. මේ පිලිබදව විධිමත් පරික්ෂණයක් කරන්න කියලා මම ඉල්ලිමක් සිදු කලා. පොලිසිය තමන්ගේ වැරැද්ද වහා ගන්න මේක මගේ පිට දලා තියෙනවා.”

යනුවෙන් හිටපු අමාත්‍යරවයා වැඩිදුරටත් කියා සිටියා.

“ඇලෙක්ස් මාෂල් මහතා (අයි.සී.සී දුෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී) මට කතා කරා. ඔහු මට ඊ මේල් පණිවිඩයක් එවලා තිබ්බා. ඔහුට මම තොරතුරු දීලා තියෙනවා. මම ඔහුට තව තොරතුරු දෙමින් යනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මේ පිළිබද පරීක්ෂණයක් පවත්වයි.”

කෙසේ වෙතත්, අද පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී දුෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් සදහන් කළේ 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවයි.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICC දුෂණ මර්දන ඒකකය වෙත ලිපියක් එවූ බවට ප්‍රකාශ කර සිටිය ද එවැනි ලිපියක් මේ දක්වා ලැබී නොමැති බව ද හෙතෙම කියා සිටියා.

Leave a comment