Ultimate magazine theme for WordPress.

“කිසිදු ලිපියක් අපිට ක්‍රීඩා ඇමති එවලා නැහැ – කිසිදු සාක්ෂියකුත් නැහැ – ICC

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව අයි.සී.සී දුෂණ මර්දන ඒකකය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICC දුෂණ මර්දන ඒකකය වෙත ලිපියක් එවූ බවට ප්‍රකාශ කර සිටිය ද එවැනි ලිපියක් මේ දක්වා ලැබී නොමැති බවයි හෙතෙම කියා සිටියේ.

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පිළිබද කිසිදු සැකයක් නොමැති බව ද සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියා.

“මෙම තරගය හෝ වෙනත් ඕනෑම තරගයකදී දුෂණ සිද්ධියක් සිදුව ඇති බවට තොරතුරු ඇත්නම් අයි.සී.සී දුෂණ මර්දන ඒකකය වෙත ඒවා ලබා දෙන්න”

යනුවෙන් ඇලෙක්ස් මාෂල් වැඩිදුරටත් සදහන් කළා.

ක්‍රිකට් පුවත් එසැණින් දැන ගැනීමට hitwicket.lk අපගේ ෆේස්බුක් පිටුව සමගින් මෙතැනින් එක්වන්න 

Leave a comment