Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව නොමැති පළමු ICC තරගාවලියට සියල්ල සූදානම් – ශූරයින්ගේ කුසලානයේ සියලු තොරතුරු මෙන්න

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය බදාදා (19) ආරම්භ වනවා. මාර්තු 9 වැනිදා දක්වා දින 19 ක් පුරා පැවැත්වෙන තරගාවලියේ සත්කාරක රට ලෙස පාකිස්තානය කටයුතු කරන අතර, ඉන්දියාව ක්‍රීඩා කරන සියලු තරග ඩුබායිහීදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය සත්කාරක පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගය කරච්චිහීදී මෙරට වේලාවෙන් පස්වරු 2:30 ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

තරගාවලිය සදහා රටවල් අටක් ක්‍රීඩා කරන අතර, ශ්‍රී ලංකාවට තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා. ශ්‍රී ලංකාව නොමැතිව ප්‍රධාන පිරිමි අයි.සී.සී තරගාවලියක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

තරග 15 ක් ඇතුළත් මෙවර තරගාවලියේ සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතයි. පාකිස්තානයේදී පැවැත්වෙන තරග රාවල්පින්ඩි, ලාහෝර් හා කරච්චිහීදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

පාකිස්තානය මෙලෙස අයි.සී.සී තරගාවලියක් සදහා සත්කාරකත්වය දරනු ලබන්නේ 1996 වසරෙන් පසුව පළමු වරට වීම ද විශේෂත්වයක්.

ශූරයින්ගේ කුසලානයේ ඉතිහාසය

ICC Knockout Trophy ලෙස 1998 වසරේදී ආරම්භ වූ අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 9 වැනි වරටයි.

පළමු අදියර දකුණු අප්‍රිකාව විසින් ජය ගත් අතර, 2000 වසරේ පැවැති තරගාවලිය ජය ගත්තේ නවසීලන්තයයි. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති 2002 තරගාවලියේ සම ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව හා ඉන්දියාව සමත් වුණා.

2004 තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් ද, 2006 හා 2009 තරගාවලි ඔස්ට්‍රේලියාව විසින් ද දිනා ගත්තා. 2013 තරගාවලිය ඉන්දියාව ජය ගනිද්දී 2017 තරගාවලිය පාකිස්තානය විසින් හිමි කර ගත්තා.

විකාශන තොරතුරු 

තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ Maharaja TV මාධ්‍ය ජාලය සතු TV1 නාලිකාවයි. www.sirasatv.lk වෙබ් අඩවිය හරහා ද අන්තර්ජාලය හරහා තරගාවලිය නැරඹිය හැකිවනවා.

Star Sports මාධ්‍ය ජාලය හරහා ද තරගාවලිය සජීවීව විකාශය කෙරෙනවා.

ජාත්‍යන්තර විස්තර විචාරකයින් 

Nasser Hussain, Ian Smith , Ian Bishop, Ravi Shastri, Aaron Finch, Matthew Hayden, Ramiz Raja, Mel Jones, Wasim Akram , Sunil Gavaskar, Harsha Bhogle, Michael Atherton, Mpumelelo Mbangwa, Kass Naidoo, Simon Doull, Dale Steyn, Bazid Khan, Dinesh Karthik, Katey Martin, Shaun Pollock, Athar Ali Khan , Ian Ward.

කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු

  • Group A – Pakistan, India, New Zealand, Bangladesh
  • Group B – South Africa, Australia, Afghanistan, England

තරග කාලසටහන

  • 19 February, Pakistan v New Zealand, Karachi, Pakistan
  • 20 February, Bangladesh v India, Dubai
  • 21 February, Afghanistan v South Africa, Karachi, Pakistan
  • 22 February, Australia v England, Lahore, Pakistan
  • 23 February, Pakistan v India, Dubai
  • 24 February, Bangladesh v New Zealand, Rawalpindi, Pakistan
  • 25 February, Australia v South Africa, Rawalpindi, Pakistan
  • 26 February, Afghanistan v England, Lahore, Pakistan
  • 27 February, Pakistan v Bangladesh, Rawalpindi, Pakistan
  • 28 February, Afghanistan v Australia, Lahore, Pakistan
  • 1 March, South Africa v England, Karachi, Pakistan
  • 2 March, New Zealand v India, Dubai
  • 4 March, Semi-final 1, Dubai
  • 5 March, Semi-final 2, Lahore, Pakistan
  • 9 March, Final, Lahore (unless India qualify, when it will be played in Dubai)
  • 10 March, Reserve day

තරග නිලධාරීන්

  • Umpires: Kumar Dharmasena, Chris Gaffaney, Michael Gough, Adrian Holdstock, Richard Illingworth, Richard Kettleborough, Ahsan Raza, Paul Reiffel, Sharfuddoula, Rodney Tucker, Alex Wharf, Joel Wilson
  • Match Referees: David Boon, Ranjan Madugalle, Andrew Pycroft