ශර්මින් හා ජහනාරා කැදවමින් බංග්ලාදේශ එක්දින සංචිතය නම් කෙරේ

අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බංග්ලාදේශ කාන්තා සංචිතය නම් කර තිබෙනවා.
සංචිතය සදහා Sharmin Akhter හා Jahanara Alam යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
Taj Nehar හා Sanjida Akter පළමු වරට එක්දින සංචිතයට නම් කර තිබීම ද විශේෂත්වයක්.
Farzana Akter, Sumaiya Akter, Disha Biswas හා Nishita Akter හට සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.
අයර්ලන්ත කාන්තා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3 ක් හා විස්සයි 20 තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.
එක්දින තරගාවලිය ඩකාහීදී නොවැම්බර් 27, 30 හා දෙසැම්බර් දෙවැනිදා පැවැත්වීමට නියමිත අතර, විස්සයි 20 තරගාවලිය දෙසැම්බර් 5, 7 හා 9 යන දිනවලදී සිල්හෙට්හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Bangladesh ODI squad
Nigar Sultana (c), Nahida Akter, Murshida Khatun, Fargana Hoque, Sharmin Akhter, Sobhana Mostary, Shorna Akter, Ritu Moni, Rabeya Khan, Fahima Khatun, Marufa Akter, Jahanara Alam, Sultana Khatun, Taj Nehar, Sanjida Akther