Ultimate magazine theme for WordPress.

Watch : ශකිබ් හිතවාදීන්ට ශකිබ් විරෝධීන් මීර්පූර් ක්‍රීඩාංගනයෙන් පිටතදී පහර දෙයි

ශකිබ් අල් හසාන් හිතවාදී පිරිසක් හා ශකිබ් අල් හසාන් විරෝධී පිරීසක් අතර ඩකා නුවර මීර්පූර්හි Shere Bangla ජාතික ක්‍රීඩාංගනයෙන් පිටත ඉරිදා දිනයේ දී ගැටුමක් හට ගෙන තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වීමට නියමිතව තිබූ පසුබිමකයි.

ශකිබ් අල් හසාන්ට හිතවත් පිරිස ඔහුව යළි ටෙස්ට් සංචිතයට ඇතුළත් කරන ලෙස ඉල්ලමිනුයි උද්ඝෝෂණයේ නිරත වී ඇත්තේ.

දකුණු අප්‍රිකා කණ්ඩායම මීර්පූර් ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම්වල නිරතව සිටියදී ක්‍රීඩාංගනයෙන් පිටත ශකිබ් හිතවාදී හා ශකිබ් විරෝධී පිරිස් අතර මෙම ගැටුව සිදුව ඇති බව සදහන්.

ගැටුමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී ඇති බවක් වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත්, ආරක්ෂක අංශ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට පළමුව ශකිබ් අල් හසාන් නම් කර තිබූ අතර, ඒ අනුව එම තරගය ඔහු ක්‍රීඩා කරන සිය ටෙස්ට් දිවියේ අවසන් තරගය බවට පත් වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, ජනතා විරෝධය හමුවේ අගෝස්තු මාසයේ බිද වැටුණු බංග්ලාදේශයේ අවාමි ලීග් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වූ ශකිබ් අල් හසාන් ටෙස්ට් සංචිතයට නම් කිරීමට විරෝධය පල කරමින් පිරිසක් විරෝධතා පැවැත්වීමත් සමග ශකිබ් බංග්ලාදේශයට පැමිණීමෙන් වැළකී සිටීමට තීරණය කළා.

ඔහු නිව් යෝර්ක් නුවර සිට ඩුබායි හරහා බංග්ලාදේශය බලා පැමිණෙමින් සිටි අතර, ඩුබායි නුවර දී ඔහු තීරණය කළේ පවතින තත්ත්වය මත බංග්ලාදේශයට පැමිණීමෙන් වැළකී සිටීමටයි.