Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු නායිකාව WBBL තරගාවලියෙන් ඉවතට

වම් දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු නායිකා ඇලීසා හීලිට මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව WBBL තරගාවලිය අවසන් වීමෙන් දින 4 කට පසුව ආරම්භ වීමට නියමිත ඉන්දියාවට එරෙහි තරග 3 කින් යුත් එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඇයට අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන්දීය තරගාවලියෙන් පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.