Ultimate magazine theme for WordPress.

Watch : කෝලි හා ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයා මෙල්බර්න් පිටියේදී ගැටුණු හැටි

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(26) මෙල්බර්න්හීදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

අද දිනයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට 19 හැවිරිදි Sam Konstas සමත් වීම විශේෂත්වයක්.

ඔහු උස්මාන් කවාජා සමග එක්ව පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 89 ක්. Konstas ලකුණු 60 ක් රැස් කළේ පන්දු 65 කින්.

ඉනිම අතරතුරදී ඔහු හා විරාත් කෝලි අතර යම් උණුසුම් තත්ත්වයක් හට ගත්තේ ඔවුන් දෙදෙනා අතර ශාරීරිකව සිදු වූ ගැටීමක් හේතුවෙන්.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –