Ultimate magazine theme for WordPress.

ගෝල් මාර්වල්ස් හිමිකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අත්අඩංගුවට ගැණුනු ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික Prem Thakkur ලබන 16 වැනිදා දක්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.

ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ තරගාවලියට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු හට මුදලට තරග පාවා දෙන ලෙසට යෝජනා කිරීම හේතුවෙන්.

මහනුවර පිහිටි හෝටලයකදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා. තරගාවලිය පැවැත්වෙන්නේ ද මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදීයි.

මීට පෙර 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ Tamim Rahman ද ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ, LPL තරගාවලියට අදාළව දූෂණ චෝදනා යටතේයි.