Watch : ෂුබ්මන් ගිල් ගහපු මීටර් 98 ක් දිග හයේ පහර

ඉන්දීය ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් මීටර් 98 ක දුරකින් යුත් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට අද(20) සමත් වුණා.
ඒ, ශූරයින්ගේ කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය සමග ඩුබායිහීදී ආරම්භ වූ තරගයේදීයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 228 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉන්දීය ඉනිම රෝහිත් ෂර්මා සමග ආරම්භ කළ ගිල් මෙම දැවැන්ත හයේ පහර එල්ල කළේ ඉනිමේ 9 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවටයි.
දර්ශන පහතින් –
9️⃣8️⃣metres 😲
A breathtaking six from Shubman Gill.
Watch LIVE on @StarSportsIndia in India.
Here’s how to watch LIVE wherever you are 👉 https://t.co/AIBA0YZyiZ pic.twitter.com/LgIK5AjixQ
— ICC (@ICC) February 20, 2025