මෙදපෙලට ලොකු වෙනසක් ; ලෝක කුසලාන සංචිතයත් ලීක් වෙයි
එංගලන්තය සමඟ මේ දිනවල පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සඳහා යළිත් කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට කැදවීමට වීමට නියමිත ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබෙනවා.
දිගින් දිගටම දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන මැද පෙළ දියාරු පිතිකරණයට විසඳුමක් ලෙස යළිත් ඔහුව මෙලෙස කණ්ඩායමට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.
කුසල් පෙරේරා ද සැලකිය යුතු දක්ෂතා අතර නොසිටි බැවින් මීට පෙර ඔහුව කණ්ඩායමෙන් ඉවත් කෙරුණු නමුත්, මැදපෙල අර්බුදයට විසඳුමක් ලෙස ඔහුව යළි කණ්ඩායමට කැදවීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර, ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයටද අවසන් මොහොතේ ප්‍රබල වෙනස්කමක් සිදු කර ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කළා.
ඒ අනුව මැතකදී දීර්ඝ කාලයකට පසුව T20 සංචිතයට කැදවූ ධනංජය ද සිල්වා සංචිතයෙන් නෙරපීමටයි තීරණය කර ඇත්තේ.
පිතිකරුවකු ලෙස ඔහුගේ දක්ෂතා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු වෙනුවට කමිදු මෙන්ඩිස් ලෝක කුසලාන සංචිතයට නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
කමිදු මේ දිනවල එංගලන්තයට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය සඳහා ද නම් කර නැහැ.
එංගලන්ත තරගාවලියට නම් කර සිටින ප්‍රමෝද් මදුෂාන්ට ලෝක කුසලාන සංචිතයේ ඉඩක් වෙන්ව නැහැ.
අවසන් මොහොතේ සිදු කරන පිතිකරණ අංශයේ මෙවැනි වෙනස්කම් තුළින් පෙන්නුම් කරන්නේ කණ්ඩායමේ අවසන් 11 දෙනා තෝරා ගැනීමට තවමත් තේරීම් කමිටුව අසමත් වී ඇති බව නොවන්නේද?
ලෝක කුසලානය සඳහා සියලු ක්‍රිකට් ආයතන විසින් සිය සංචිත ඊයේ දිනය වන විට විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත භාරදීමට නියමිතව තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් සිය සංචිතය මාධ්‍යයට නිල වශයෙන් නිවේදනය කර නැහැ.
Probable Sri Lanka T20 World Cup squad
1. Dasun Shanaka (Captain)
2. Pathum Nissanka
3. Kamil Mishara
4. Kusal Mendis (WK)
5. Kusal Janith Perera
6. Kamindu Mendis
7. Charith Asalanka
8. Janith Liyanage
9. Pavan Rathnayake
10. Wanindu Hasaranga
11. Dunith Wellalage
12. Maheesh Theekshana
13. Dushmantha Chameera
14. Matheesha Pathirana
15. Eshan Malinga