Ultimate magazine theme for WordPress.

ඉල්ලා අස් වූ බාබර් වෙනුවට පාකිස්තානය නව නායකයෙකු නිවේදනය කරයි

පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නව නායකයා ලෙස මොහමඩ් රිස්වාන් පත් කර තිබෙනවා. ඒ, මෑතකදී නායකත්වයෙන් ඉල්ලා අස් වූ බාබර් අසාම් වෙනුවටයි.

ඔහු නායකයා ලෙස මුහුණ දෙන පළමු අභියෝගය වන්නේ ලබන මාසයේ දී සිදු කරන ඔස්ට්‍රේලියානු තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි 20 තරගාවලි දෙකයි.

එම තරග සංචාරය හා එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සදහා වන පාකිස්තාන සීමිත පන්දුවාර සංචිත ද අද නිවේදනය කෙරුණු අතර, එංගලන්තය සමග පැවැති අවසන් ටෙස්ට් තරග දෙකන් ඉවත් කෙරුණු බාබර් අසාම්, ශහීන් ශාහ් අෆ්රිඩි හා නසීම් ශාහ් යන ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු සංචාරය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, එම ක්‍රීඩකයින් තිදෙනාම සිම්බාබ්වේ සංචාරය සදහා නම් කර නැහැ.

සල්මන් අලී ආගා එළඹෙන තරග සංචාර දෙකට අයත් එක්දින හා විස්සයි 20 සංචිත සදහා නම් කර ඇති අතර, මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වූ ෆකාර් සමාන් හා ඉමාම් උල් හක් කිසිදු සංචිතයට නම් කර නැහැ. මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමක් හිමි නොවුණු මොහමඩ් හස්නයින් සංචාර දෙක සදහාම ඇතුළත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී නොවැම්බර් 4 වැනිදා සිට දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර, නොවැම්බර් 24 වැනිදා ආරම්භ වන සිම්බාබ්වේ සංචාරය සදහා ද එක්දින තරග 3 ක් හා විස්සයි 20 තරග 3 ක් ඇතුළත්.

Australia tour (Nov 4-18)

Pakistan ODI squad: Aamir Jamal, Abdullah Shafique, Arafat Minhas, Babar Azam, Faisal Akram, Haris Rauf, Haseebullah (WK), Kamran Ghulam, Mohammad Hasnain, Mohammad Rizwan (WK), Muhammad Irfan Khan, Naseem Shah, Saim Ayub, Salman Ali Agha, Shaheen Shah Afridi

T20I squad: Arafat Minhas, Babar Azam, Haris Rauf, Haseebullah, Jahandad Khan, Mohammad Abbas Afridi, Mohammad Rizwan (WK), Muhammad Irfan Khan, Naseem Shah, Omair Bin Yousuf, Sahibzada Farhan, Salman Ali Agha, Shaheen Shah Afridi, Sufyan Moqim, Usman Khan

Zimbabwe tour (Nov 24 – Dec 5)

ODI squad: Aamir Jamal, Abdullah Shafique, Abrar Ahmed, Ahmed Daniyal, Faisal Akram, Haris Rauf, Haseebullah (WK), Kamran Ghulam, Mohammad Hasnain, Mohammad Rizwan (WK), Muhammad Irfan Khan, Saim Ayub, Salman Ali Agha, Shahnawaz Dahani and Tayyab Tahir

T20I squad: Ahmed Daniyal, Arafat Minhas, Haris Rauf, Haseebullah (WK), Jahandad Khan, Mohammad Abbas Afridi, Mohammad Hasnain, Muhammad Irfan Khan, Omair bin Yousuf, Qasim Akram, Sahibzada Farhan, Salman Ali Agha, Sufyan Moqim, Tayyab Tahir and Usman Khan