1st T20I, NZ v SL : ඉතිහාසය, කණ්ඩායම් දෙක, සජීවී විකාශය ඇතුළු සියලු තොරතුරු මෙන්න
Preview

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අද (28) ආරම්භ වනවා.
පළමු තරගය Mount Maunganui හි Bay Oval ක්‍රීඩාංගනයේදී මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ පෙරවරු 11:45 ටයි.
ඉතිහාසය
දෙරට අතර මේ දක්වා විස්සයි 20 තරග 25 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 14 ක් නවසීලන්තය ද, තරග 10 ක් (සුපිරි පන්දුවාරයේ ජයග්රහන දෙකක් ද සමග) ශ්‍රී ලංකාව ද ජය ගෙන තිබෙනවා. එක් තරගයක් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.
දෙරට අතර මෙතෙක් පවත්වා ඇති විස්සයි 20 තරගාවලි ගණන 10 ක්. ඉන් තරගාවලි 5 ක් නවසීලන්තය ජය ගනිද්දී ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ එක් තරගාවලියක් පමණයි. තරගාවලි 4ක් සම මට්ටමෙන් නිමා වුණා.
ඒ අනුව නවසීලන්තයේදී පළමු වරට විස්සයි 20 තරගාවලියක් ජය ගැනීමේ අරමුණ ඇතිවයි ශ්‍රී ලංකා කණ්ඩායම සෙනසුරාදා දිනයේදී තරග බිමට පිවිසෙන්නේ.
කණ්ඩායම් දෙක
නවසීලන්ත විස්සයි 20 සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් වූ අතර, එම සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් අතරින් බෙවන් ජේකබ්ස් හා නේදන් ස්මිත් පළමු විස්සයි 20 තරගයට ක්‍රීඩා නොකරන බවයි නායක මිචෙල් සැන්ට්නර් සදහන් කළේ.
ඔහු එරට සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස පත් වීමෙන් පසුව නවසීලන්තය ක්‍රීඩා කරන පළමු තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.
නිමා වූ ශ්‍රී ලංකා සංචාරයට ක්‍රීඩා නොකළ රචින් රවීන්ද්‍ර, ඩැරල් මිචෙල් හා මැට් හෙන්රි කණ්ඩායමට කැදවා තිබෙනවා.
New Zealand XI : (පිතිකරණ අනුපිළිවෙල අනුව නොවේ)
Mitchell Santner (c), Michael Bracewell, Mark Chapman, Jacob Duffy, Zak Foulkes, Mitch Hay, Matt Henry, Daryl Mitchell, Glenn Phillips, Rachin Ravindra, Tim Robinson
මේ අතර, තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් නිවේදනය කර නැතත්, මෙම තරගයේ දී ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකු කණ්ඩායමට ඇතුළත් විය හැකි බවයි නායක චරිත් අසලංක මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේ.
පුහුණු තරග දෙකේදී චමිදු වික්‍රමසිංහට සැලකිය යුතු දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට නොහැකි වූ අතර, ඒ අනුව බොහෝ විට සුපුරුදු පරිදි මහීෂ් තීක්ෂණට මෙම තරගයේදී ද කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමට ඉහළ අවස්ථාවක් පවතිනවා.
ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචිතයේ සෙසු ක්‍රීඩකයින් –
- Pathum Nissanka,
- Kusal Mendis,
- Kusal J. Perera,
- Kamindu Mendis,
- Charith Asalanka,
- Bhanuka Rajapaksha,
- Wanindu Hasaranga,
- Maheesh Theekshana/Chamidu Wickramasinghe
- Matheesha Pathirana,
- Nuwan Thushara,
- Asitha Fernando/Binura Fernando
- Avishka Fernando
- Dinesh Chandimal
- Jeffrey Vandersay
සජීවී විකාශය
තරගාවලියේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගත් නාලිකාව පිළිබද මෙතෙක් නිල තොරතුරු අප වෙත වාර්තා වී නොමැති අතර, නවසීලන්තයේ පැවැත්වෙන සියලු ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉන්දියාව හා ඒ ආශ්රිත රටවල් තුළ විකාශය කිරීමේ අයිතිය මේ වන විට හිමිව ඇත්තේ Sony Pictures Networks India (SPNI) සමාගම වෙතයි.
ඒ අනුව Dialog TV පාරිභෝගිකයින්ට Sony sports 1 (Ch no.64), Ten Cricket (Ch no.65) හා Sony Sports Ten 5 HD (Ch no.124) නාලිකා හරහා තරගාවලිය සජීවීව නැරඹිය හැකියි.
Peo TV පාරිභෝගිකයින්ට ද තරගාවලිය නැරඹිය හැකි වන්නේ Ten Cricket (Ch no.44) නාලිකාව හරහායි.
ශ්‍රී ලංකා – නවසීලන්ත කාලසටහන :
December 28: 1st T20I, Tauranga (11:45 am SLST)
December 30: 2nd T20I, Tauranga (11:45 am SLST)
January 2: 3rd T20I, Nelson (5:45am SLST)
January 5: 1st ODI, Wellington (3:30am SLST)
January 8: 2nd ODI, Hamilton (6:30am SLST)
January 11: 3rd ODI, Auckland (6:30am SLST)