පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේ දී පදක්කම් 4ක් දිනූ චන්නට විශේෂ උපහාර උත්සවයක්

2024 පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේ දී පදක්කම් 4 ක් දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ චන්න රාජපක්ෂට උපහාර දැක්වීමේ උත්සවයක් කෑගල්ලේ දී පැවැත්වුණා.
දකුණු අප්‍රිකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේ දී ඔහු කිලෝ ග්‍රෑම් 66 බර පංතියෙන් තරග වැදුණු අතර, එහිදී රන් පදක්කම් 3 ක් හා රිදී පදක්කමක් දිනා ගැනීමට චන්න රාජපක්ෂට හැකි වුණා.
ඒ අනුව ඔහුට උපහාර දැක්වීමේ උත්සවයක් ඔහු අධ්‍යාපනය ලැබූ කෑගල්ල දුනුකේවල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් විසින් සංවිධාන කර තිබුණා.
කෑගල්ල හිරිවඩුන්න මන්සන්ධයේ සිට රථ පෙළපාලියකින් ඔහුව කෑගල්ල දුනුකේවල මහා විද්‍යාලයට කැදවාගෙන පැමිණි අතර, ඉන් අනතුරුවයි උපහාර උත්සවය පැවැත්වුණේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ සවි එසවීමේ ක්‍රීඩා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 66 බර පංතියේ ජාතික ශූරයා වන්නේ ද චන්න රාජපක්ෂයි.