Ultimate magazine theme for WordPress.

නවකයින් තිදෙනෙකු සමග ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරයට ඉන්දීය සංචිතය නම් කෙරේ

නොවැම්බර් 22 වැනිදා ආරම්භ වන තරග 5 කින් යුත් ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති අභිමන්යු ඒස්වරන්, හර්ෂිත් රානා හා නිටිෂ් කුමාර් රෙදී ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

වළලුකර ශල්‍යකර්මයකට ලක්වීමෙන් පසුව මෙතෙක් සම්පූර්ණ සුවය ලබා නොමැති මොහමඩ් ෂාමිට මෙම තරගාවලිය ද අහිමි වී ඇති අතර, ආබාධයක් නිසා කුල්දීප් යාදව් ද ඔස්ට්‍රේලියානු තරග සංචාරයට නම් කර නැහැ.

මුකේෂ් කුමාර්, නව්දීප් සයිනි හා කලීල් අහ්මඩ් අතිරේක ක්‍රීඩකයින් ලෙස ඔස්ට්‍රේලියානු සංචාරයට එක් වීමට නියමිතයි.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයේ උප නායකයා ලෙස ජස්ප්‍රිට් බුම්රා නම් කර තිබෙනවා. පළමු තරග දෙකෙන් එක් තරගයක් රෝහිත් ෂර්මාට පෞද්ගලික හේතුවක් මත ක්‍රීඩා කිරීමට නොහැකි වන අතර, ඒ අනුව අභිමන්යු ඒස්වරන් මෙම සංචාරයේ දී ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට වැඩි ඉඩක් පවතිනවා.

ආර්. අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා හා වොෂින්ටන් සුන්දර් දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත්.

අවසන් වරට බෝර්ඩර්-ගවස්කාර් කුසලානය සදහා ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියානු තරග සංචාරයක නිරත වූ අවස්ථා දෙකේදීම තරගාවලිය ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

India squad for tour of Australia

Rohit Sharma (c), Jasprit Bumrah (vc), Yashasvi Jaiswal, Abhimanyu Easwaran, Shubman Gill, Virat Kohli, KL Rahul, Rishabh Pant (wk), Sarfaraz Khan, Dhruv Jurel (wk), R Ashwin, R Jadeja, Mohammed Siraj, Akash Deep, Prasidh Krishna, Harshit Rana, Nitish Kumar Reddy, Washington Sundar

Reserves: Mukesh Kumar, Navdeep Saini, Khaleel Ahmed