Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාවට එරෙහි ඉන්දීය T20 සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා වන ඉන්දීය විස්සයි 20 සංචිතය නම් කර තිබෙනවා.

සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක රමන්දීප් සිං හා වේග පන්දු යවන ක්‍රීඩක විජයකුමාර් වයිෂාක් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය සදහා එක්වන බැවින් හර්ෂිත් රානා, වොෂින්ටන් සුන්දර් හා නිටිෂ් රෙදී සංචිතයට නම් කර නැහැ.

කෙසේ වෙතත්, අක්සාර් පටෙල්, යශ් දයාල් හා අවේෂ් ඛාන් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

තරග 4 කින් යුත් විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 8 වැනිදා ඩර්බන්හී දී ආරම්භ වීමට නියමිතයි.

Squad:

Suryakumar Yadav (C), Abhishek Sharma, Sanju Samson (WK), Rinku Singh, Tilak Varma, Jitesh Sharma (WK), Hardik Pandya, Axar Patel, Ramandeep Singh, Varun Chakaravarthy, Ravi Bishnoi, Arshdeep Singh, Vijaykumar Vyshak, Avesh Khan, Yash Dayal.