Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ එක්දින හා ටෙස්ට් කණ්ඩායමට නව නායකයෙක්

සිම්බාබ්වේ එක්දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක රිචර්ඩ් එන්ගරාවා පත් කර තිබෙනවා.

එම තනතුරෙන් ඉල්ලා අස් වූ ක්‍රෙයිග් අර්වින් වෙනුවට 27 හැවිරිදි එන්ගරාවා ටෙස්ට් හා එක්දින නායකත්වයට පත් කළ බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක බ්‍රයන් බෙනට්.

විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස තවදුරටත් සිකන්ඩ රාසා කටයුතු කරනවා.

2017 වසරේදී ජාත්‍යන්තර වරම් දිනූ එන්ගරාවා මේ දක්වා ටෙස්ට් තරග 11 ක් හා සීමිත පන්දුවාර තරග 145 ක් සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

තවද විස්සයි 20 ජාත්‍යන්තර පිටියේ සිම්බාබ්වේ වෙනුවෙන් වැඩිම කඩුලුලාභියා වන ඔහු තරග 90 කදී බිද හෙලා ඇති කඩුලු ගණන 108 ක්.

ඔහු ලංකා ප්‍රිමියර් ලීග්, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හා ILT20 වැනි ෆ්‍රැන්චයිස් තරගාවලි ද ක්‍රීඩා කර තිබෙනවා