Ultimate magazine theme for WordPress.

WPL තරග කාලසටහන නිවේදනය කෙරේ

2025 කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය පෙබරවාරි 14 වැනිදා සිට මාර්තු 15 වැනිදා දක්වා ක්‍රීඩාංගන 4කදී පැවැත්වීමට නියමිත බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

බරෝඩා (වඩෝදරා), බැංගලූරු, ලක්නව් හා මුම්බායිහීදී තරග පැවැත්වීමට තීරණය කර ඇති අතර, තරගාවලියේ පළමු තරගය අලුතින් ඉදි කරන ලද බරෝඩාහි BCA ක්‍රීඩාංගනයේදී ගුජරාට් ජයන්ට්ස් හා පසුගියවර ශූරතාවය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

බරෝඩාහී දී තරග හයක් ද, බැංගලූරුහීදී තරග අටක් ද, ලක්නව්හීදී තරග 4ක් ද, මුම්බායිහීදී තරග 4 ක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර තරගාවලිය සදහා ද යූපී වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරමින් චමරි අතපත්තු ක්‍රීඩා කිරීමට නියමිතයි.