Watch : ට්‍රැවිස් හෙඩ් 99 දී දුන්න කැච් එක බෲක් බිම දාපු හැටි
ඔස්ට්‍රේලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ් අද සිය 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
ඒ, එංගලන්තය සමග ඇඩිලේඩ්හීදී පැවැත්වෙන තෙවැනි අළුබදුන ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදීයි.
කෙසේ වෙතත්, ඔහු ලකුණු 99 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් හැරී බෲක් අතින් ගිලිහී යාම කැපී පෙනුණා. (දර්ශන කිහිපයක් පහතින්)
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 371 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත්තේ ලකුණු 286 ක් පමණයි.
අනතුරුව සිය දෙවැනි ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියාව වෙනුවෙනුයි හෙඩ් මෙම සුපිරි ශතකය රැස් කළේ.
— cric sl (@cricslvideo) December 19, 2025
Dropped on 99, kissing the deck for 100!
What a rollercoaster for Travis Head 😱#Ashes | #MilestoneMoment | @nrmainsurance pic.twitter.com/p3RtaE5cNE
— cricket.com.au (@cricketcomau) December 19, 2025